Recent Posts

Friday, November 23, 2012

කැරම් ක්‍රීඩාව වෘත්තීය ක්‍රීඩාවක් කරනවා






                        කැරම් ක්‍රීඩාව වෘත්තීය ක්‍රීඩාවක් බවට පත් කරගත යුතු බවත් ජාත්‍යන්තරයට ගෙන යා හැකි ක්‍රීඩා හඳුනාගෙන ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
“2012 කැරම් ලෝක ශූරතාව දිනා ගත් ශ්‍රී ලාංකික තරගකරුවන් ඇගයීමත් කැරම් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව යෝජනාවෙන් ඉදිරිපත් කර තිබුණි. අද කැරම් ක්‍රීඩාව රටතුළ ප්‍රචලිත කරන්න දෙයක් නෑ. ගමේ තේ කඩේ සිට පාර්ලිමේන්තුවටම ඇතුල් වී තිබෙනවා. එහෙත් වෘත්තීය ක්‍රීඩාවක් බවට පත් කරන්න අවශ්‍යයි. ලෝක ශූරතා දිනාගත් ක්‍රීඩා ප්‍රචලිත කළ යුතුයි.” යනුවෙන්ද අමාත්‍යවරයා සදහන් කරයි




Source : November 22, 2012 at 11:04 am | Lanka C News


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More
ඔබගේ දැන්වීම මෙහි පල කරගන්න