6 වන ලෝක කැරම් ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල
ජාතික කැරම් ශූර නිශාන්ත
ප්‍රනාන්දු සහ ජාතික ශූරී ජෝශප් රොෂිටා ඇතුළු පිරිමි හා කාන්තා දෙ අංශයේ
ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10 දෙනෙක්
ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික
පුහුණුකරු ලැන්ග්ලි මතායස් මහතා යටතේ පුහුණුවීම්වල නිරතවේ.
අවසන් වරට 2008 වසරේ ප්‍රංශයේ පැවැති 5 වැනි ලෝක කැරම්
ශූරතාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී
ලංකා කී‍්‍රඩා ඉතිහාසයේ ලෝක කැරම් ශූරතාවක් හිමිකර ගත් තෙවැනි අවස්ථාව ලෙස
එය සැලකේ. දකුණු ආසියානු රටවල් කැරම් ක්‍රීඩාවෙන් මේ වන විට ලොව
ඉදිරියෙන්ම සිටියි.
කැරම් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාවට අභියෝගයක් වන එකම රට
ඉන්දියාව ලෙස කලක් සැලකූව ද මේ වන විට බංග්ලාදේශය සහ මාලදිවයින ද ශ්‍රී
ලංකාවට අභියෝගයක් වෙමින් කැරම් ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණ සිටිති.
2008 වසරේ ලෝක ශූරතාව දිනා ගැනීමෙන් පසුව අන්තර්ජාතික
කැරම් තරගාවලියේදී ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් අපොහොසත්ව
සිටියි. පසුගිය වසරේ මැලේසියාවේදී පැවැති ලෝක සම්මේලන කුසලාන කැරම්
තරගාවලියේද ශ්‍රී ලංකාවට හිමි වුයේ අනුශූරතාවයයි.
විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගල, මිශ්‍ර යුගල ඉසව් හා කණ්ඩායම් ඉසව්වන්ගෙන් තරගාවලිය සමන්විතවේ.
චමිල් කුරේ පිට පිට අට වරක් පිරිමි කේවළ ශුරතාව දිනා
ගනිමින් ජාතික ශූරතාව වැඩිම වරක් දිනා ගත් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා
කැරම් ක්‍රීඩා ඉතිහාසයට එක්ව සිටින කී‍්‍රඩකයාය. චමිල්, අන්තර්ජාතික තරග
බිමේදී අවස්ථා කිහිපයකදීම ලෝක කැරම් ශූර ඉන්දියාවේ යෝගේෂ් පර්දේශී පරාජය
කිරීමට සමත්ව සිටීමත් කැපී පෙනේ.
කෙසේ වෙතත් චමිල්, මෙම වසරේ පැවැති ජාතික කැරම් ශූරතාවලියේදී නිශාන්ත ප්‍රනාන්දු ට පරාජය විය.
source : lankadeepa.lk
පිරිමි කණ්ඩායම
නිශාන්ත ප්‍රනාන්දු (නායක)
චමිල් කුරේ
මොහොමඞ් ෂෙරිෆ්ඞීන්
ඩිමල් සේනාරත්න
අජිත් චන්ද්‍රසෝම
කාන්තා කණ්ඩායම
ජෝශප් රොෂිටා (නායිකාව)
මධුෂිකා කාංචනමාලා
යශිකා රාහුබද්ධ
චලනි ලක්මාලි
අරෝෂා වික්‍රමසිංහ
source : lankadeepa.lk
පිරිමි කණ්ඩායම
නිශාන්ත ප්‍රනාන්දු (නායක)
චමිල් කුරේ
මොහොමඞ් ෂෙරිෆ්ඞීන්
ඩිමල් සේනාරත්න
අජිත් චන්ද්‍රසෝම
කාන්තා කණ්ඩායම
ජෝශප් රොෂිටා (නායිකාව)
මධුෂිකා කාංචනමාලා
යශිකා රාහුබද්ධ
චලනි ලක්මාලි
අරෝෂා වික්‍රමසිංහ
Sri Lanka Team for 6th World Carrom Championship
Men's Team
Nishantha Fernando (Captain)
Chamil Cooray
M.Shariffdeen
Dimal Senaratne
Ajith Chandrasoma
Women's Team
Joseph Roshita (Captain)
Madushika Kanchanamala
Yasika Rahubaddha
Chalani Liyanage
Arosha Wickremasinghe
Joseph Roshita (Captain)
Madushika Kanchanamala
Yasika Rahubaddha
Chalani Liyanage
Arosha Wickremasinghe
0 comments:
Post a Comment